කළමනාකරුට තර්ජනය කළ පුද්ගලයෙක්ට සිදු වූ දේ..
Sri Lanka Police
Sri Lanka
By krishani
රජයේ බැංකුවක කළමනාකාරවරයකුට පුද්ගලයෙක් විසින් තර්ජනය කළ පුවතක් වාර්තා වේ.
එම සැකකරුට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් දැඩි ඇප කොන්දෙසි මත ඊයේ (27) මුදාහැරිණ.
ඔහු බගලන්තලාව - කර්කස්වොල් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදරු පියෙක් වේ.
පසුගිය 22 දින බගවන්තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් වෙත ගොස්, ඔහුගේ මිතුරකුගේ ගිණුමක ඉතිරි වි ඇති ශේෂය විමසු අවස්‍ථාවේ එම තොරතුරු ලබා දිම මුදල් අයකැමි විසින් ප්‍රතික්ෂේප කර ඇත.
එහිදී මුදල් අයකැමි හා බැංකු කළමනාකරු සමඟ බහින්බස් විමෙන් පසුව කළමනාකරු විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව බගවන්තලාව පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැණින.