වෙළඳපොල එළවලු මිලෙහි සිදු වූ වෙනස.

Sri Lanka
By Wayomi Oct 31, 2023 06:20 AM GMT
Wayomi

Wayomi

Report

මෙරට එළවළු මිල ගණන් 30% කින් පමණ ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන ආරංචි මාර්ග පවසනවා.

ඒ, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනයත් සමඟ එළවළු වගා බිම් රැසක් විනාශ වීම හේතුවෙන්.

මෙම වැසි තත්ත්වය සමඟ බෝංචි,ගෝවා,තක්කාලි වගාවන්ට දැඩි හානි වීම නිසා ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන එම එළවළු තොග විශාල ලෙස අඩුවී තිබෙනවා.

මේ තත්වයන් යටතේ, බෝංචි කිලෝවක තොග මිල රුපියල් 400 ත් 420 ත් අතර මිලක් දක්වාද මාළු මිරිස් කිලෝව රුපියල් 500 ත් 550 ත් අතර මිලක් දක්වාද අමු මිරිස් කිලෝව රුපියල් 400 ත් 500 ත් අතර මිලක් දක්වාද ඉහළ ගොස් ඇත. 

ReeCha