ජල පහරට හසුවූ පුංචි පුතුගේ සිරුර හමුවෙයි (PHOTOS)

By Sewvandhi Nov 10, 2021 09:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අයහපත් කාලගුණයත් සමග ඇතිවූ සැඩ ජල පහරකට හසුවී ගසාගෙන ගිය පිය පුතු දෙදෙනාගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ. එකොළොස් හැවිරිදි පුතා කුලියාපිටිය විලපොළ ප්‍රදේශයේ උපකාරක පන්තියකට රැගෙන ගොස් නැවත නිවෙස බලා එමින් සිටියදී ඔවුන් දෙදෙනා ඊයේ (09) මෙම අනතුරට මුහුණ දී තිබුණි.

තිස්අට හැවිරිදි පියාගේ සිරුර ඊයේ සොයාගත් අතර පුතාගේ සිරුර සොයාගෙන තිබුණේ අද (10) දිනයේය. මාදම්පේ මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ එම දරුවා ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වී සිටි ඉගෙනීම් කටයුතුවලට දක්ෂ දරුවෙක් බව ගම්වාසීන් පවසයි.

සිරුරු සොයා ගැනීම සඳහා කුලියාපිටිය පොලීසිය සහ යුද හමුදාව එක්ව මෙහෙයුම් සිදුකර තිබූ අතර ගම්වාසීන් ඊට සහාය දී තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

 

Gallery