අතුරුදන්ව සිටි දෙදරු පියාගේ සිරුර හමුවූ තැන..
Police spokesman
Missing Persons
Sri Lanka
Death
Hatton
By Hashini
නිවසින් අතුරුදන්ව සිටි දෙදරු පියාගේ සිරුර අද (08) දින කාසල්රි ජලාශයේ ප්‍රජා ශාලාව අසල තිබී හමුවූ බව හැටන් පොලිසිය පවසනවා.
හැටන් දික්ඔය සමරවල්ලි ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකුගේ සිරුරක් මෙලෙස සොයා ගත් බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා බිරිඳගෙන් වෙන් වී තනිව ජිවත් වන අතර මත්පැන් පානයට ඇබ්බැහි වූ පුද්ගලයෙකි.
මරණකරු ඊයේ (07) පස්වරුවේ මත්පැන් පානය කිරීම සඳහා නිවසින් බැහැරව ගොස් ඇති අතර යලිත් රාත්‍රියේ නිවසට පැමිණ නොමැත.
ඥාතීන් පවසා සිටියේ ඔහු රෝගී තත්ත්වයකින් පෙළෙන්නෙකු බවයි.
කාසල්රි ජලාශයෙන් හමුව වූ සිරුර ගොඩගත් හැටන් පොලිස් නිලධාරින් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත්තේ හැටන් මහේස්ත්‍රාත්වරයාගේ උපදෙස් මතයි.
