ග්‍රාම නිලධාරී නැතිව දේහයක් තවමත් නිවසේ. - (VIDEO)
By Wayomi
ග්‍රාම නිලධාරී වර්ජනය හේතුවෙන් නිවෙස්වල සිදුවන ස්වභාවික මරණවලට අදාළ කටයුතු සිදුකරගෙන යෑමට නොහැකිව ජනතාව දැඩි අපහසුතාවයට පත් වූ පුවතක් වාර්තා වෙනවා.
ඒ, පානදුර බටහිර 672 ඩී ග්‍රාම නිලධාරී වසමෙන්.
එලෙස 72 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙක් නිවසේදී මියගොස් තිබුනා.
සේවා ව්‍යවස්ථාවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ග්‍රාම නිලධාරීන් ආරම්භ කළ තෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (16) තුන්වන දිනටත් ක්‍රියාත්මක වෙනවා.