මෙවර සා/පෙළ ලියූ සිසුන්ට සහ විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක්.

Report

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් සිසුන් සඳහා අපොස උසස්පෙළ පන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ අතර පසුගියදා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද මේ බව සඳහන් කළා.

විශාල මුදලක් වැයකර නඩත්තු කළ මෙරට විශාලතම මත්ස්‍යයා මිය යයි. - (VIDEO)

විශාල මුදලක් වැයකර නඩත්තු කළ මෙරට විශාලතම මත්ස්‍යයා මිය යයි. - (VIDEO)


ඒ, අනුව එම පන්ති ජූනි 04 වනදා ආරම්භ කිරීමට නියමිත අතර ඊට අදාළ චක්‍රලේඛය පළාත් අධ්‍යාපන බලධාරීන්ට යොමු කර ඇත.

කෙසේ වෙතත් ඒ පිළිබඳ තොරතුරු නොලැබුණු විදුහල්පතිවරුන්ට අදාළ පළාත් සහ කොට්ඨාස කාර්යාලවලින් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බවත් එම නිවේදනයේ දැක්වෙන අතර වැඩි තොරතුරු අවශ්‍ය සිසුන් ඒ සම්බන්ධයෙන් පාසල් බලධාරීන්ගෙන් විමසිය හැකි බවත් සඳහන්.