ළමා නිවාසයකකින් පළා ගිය දැරියන් 5 දෙනා හමු වූ තැන.

Sri Lanka Police Sri Lanka
By Wayomi Oct 30, 2023 11:44 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (29) දහවල් මීටියාගොඩ ප්‍රදේශයේ ළමා නිවාසයක රඳවා සිටි දැරියන් 5 දෙනෙක් පලා ගොස් ඇති බවට මීටියාගොඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඔවුන් වයස අවුරුදු 17 , 14, 13 යන වයස්වල පසුවන දැරියන් බවත් ඔවුන්, බටපොල, කොළඹගේ ආර, හික්කඩුව , ඇල්පිටිය සහ නෙළුව යන ප්‍රදේශවල පදිංචි පදිංචිකරුවන් බවත් එම පැමිණිල්ලේ සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් අදාල පැමිණිල්ලට අනුව පොලිසිය කළ විමර්ශනවලින් පසු ඔවුන් රක්ෂිතයේ රැදී සිටියදී අද (30) උදෑසන සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

ReeCha