ඡන්ද විමසීමට විශේෂ පොලිස් ආරක්ෂාවක්

Report

අද (06) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙනවා.

ඒ වෙනුවෙන් ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් හැටපන්දහසකට ආසන්න පිරිසක් යොදවා තිබෙනවා..

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සදහන් කළේ හදිසි අවස්ථාවක් වුවහොත් ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගැනීමට ද නියමිත බවයි.

ඒ මහතා මෙම අදහස් දැක් වූයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ මෙවර පළාත් පාලන සමස්ත මැතිවරණය නිරීක්ෂණයට 3,000ක පිරිසක් යොදවා තිබෙන බවයි.

එහිදී ජංගම නීරීක්ෂණ රථ 200ක් සහ ස්ථානගත නිරීක්ෂකයින් 2,300ක් ද ඒ වෙනුවෙන් යොදවා ඇති බව මහු වැඩිදුරටත් සඳහන් කළා. 

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්