ඔබත් මේ ලග්න වලද ...එහෙනම් ඔබට හදිසි ධන ලාභ

Astrology Lagna Palapala Sinhala news
By Hashini May 05, 2025 11:59 PM GMT
Hashini

Hashini

Report

මේෂ ලග්නය

අද ඔබට අවිවේකී බව ගෙනදෙයි. ගමන් බිමන් යෙදෙන අතර බලාපොරොත්තු නොවන ලෙස විය පැහැදම් ඇතිවෙයි. තම ඥාතිමිත්‍ර සබඳතා වර්ධනය වෙයි. වෙහෙසව ක්‍රියාකරයි. සිරසගත රෝග මතුකරයි.ජය අංකය: 05 සහ ශුභ වර්ණය: රතු

වෘෂභ ලග්නය

ඔබට අද තරමක් ගමන් බිමන් බහුලවෙයි. තම ඥාති මිත්‍රාදීන් සමග සුහඳතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. තරමක් විනෝදජනක ක්‍රියාද යෙදේ. බලාපොරොත්තු නොවන ලෙස වැය ඉහළයි. මේහ රෝග, මුත්‍රා රෝග මතුවේ.ජය අංකය: 02 සහ ශුභ වර්ණය: සුදු

මිථුන ලග්නය

ඔබේ සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර යටපත්ව තිබූ මිතුදම් වර්ධනය වෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. තරමක් ගමන් බිමන්ද යෙදෙන අවිවේකී බවක් මතු කරන දිනකි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝගද මතු කරයි.ජය අංකය: 06 ශුභ වර්ණය: කොළ

කටක ලග්නය

අද දවස ක්‍රියාකාරී දිනකි. තරමක් අවිවේකී බවක් මතු කරයි. විනෝදජනක ක්‍රියාද යෙදේ. නවක මිතුදම් වර්ධනය වන අතර සුහදතා වර්ධනය ක්‍රියාවන්හි යෙදේ. හදිසි ධන ලාභද මතුකරයි. සෙම් රෝග මතු කරයි.ජය අංකය: 04 ශුභ වර්ණය: රෝස

ඡන්ද විමසීම අද..ඒ වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවකුත්

ඡන්ද විමසීම අද..ඒ වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවකුත්

සිංහ ලග්නය

ඔබට අද තරමක් වගකීම් බහුලවෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත වැයපස ඉහළයයි. දුරස්ථව සිටි ඥාති මිත්‍රාදීන් සමීපවන කරුණු කාරණා යෙදෙන අතර වැය ඉහළයි. ආමාශ ගත රෝග මතුවේ. ජය අංකය: 01 ශුභ වර්ණය: ළා දම්

කන්‍යා ලග්නය

අද දිනයේ ඔබට ගමන් බිමන් යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. විනෝද ජනක ක්‍රියාවන්හි යෙදෙන අතර තරමක් මිල මුදල් වැයවන දිනකි. අමතර ලාභ ලබයි. මුත්‍රා රෝග මතුකරයි.ජය අංකය: 03 ශුභ වර්ණය: රන්වන්

තුලා ලග්නය

ඔබේ පවුලේ අයගේ උත්සව ක්‍රියාවන් සඳහා දවසේ වෙහෙසීමට සිදුවෙයි. මිල මුදල් ද තරමක් නොසීතූ ලෙස වැයකිරීමට සිදුවෙයි. අමතර ලාභ ලැබීම් ගෙනදෙයි. සන්ධි රෝග, අම්ලපිත්ත රෝග සාදයි. ජය අංකය: 07 ශුභ වර්ණය: අළු පැහැය

වෘශ්චික ලග්නය

ඔබට අද ක්‍රියාකාරී දිනකි. ප්‍රීති උත්සව සාද වැනි දේවල්වලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. ආගමික උත්සව වතාවත් වැනි දේවල්හි යෙදේ. හදිසි ධනලාභ දෙයි. සෙම් කෝප රෝග මතු කරයි. ජය අංකය: 09 ශුභ වර්ණය: ළා රතු

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

ධනු ලග්නය

අද දවස ඔබට ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. දවසේ වෙහෙසව ක්‍රියාකරම්වල යෙදේ. දහමට ළැදිව ක්‍රියාකරයි. තම ඥාතීන් වෙනුවෙන් වැයපස ඉහළයයි. පැවැති සෙම්රෝග වර්ධනයට හේතුයි. ජය අංකය: 05 ශුභ වර්ණය: ළා රෝස

මකර ලග්නය

ඔබට අද ශුභා ශුභ ඵල මතුකරයි. තරමක් ආත්මාර්ථකාමී ගති ඉස්මතු වෙයි. තම ළඟම ඥාතීන් වෙනුවෙන් මිල මුදල් වැයකරයි. නවක මිතුදම් ඇතිවන දිනකි. පාදවල පැවැති රෝග තවදුරටෙත් වර්ධනය වෙයි. ජය අංකය: 08 ශුභ වර්ණය: නිල්

කුම්භ ලග්නය

අද දිනය ඔබට ශුභවාදී ඵලදෙයි. දුරස්ථව සිටි තම ඥාතීන් සමීපකරවන ක්‍රියා යෙදේ. යටපත්ව තිබූ ණය ගනුදෙනුවක් තමනට වාසිලෙස විසඳේ. ව්‍යාපාරවලින් ජයදෙයි. කොන්දේ වාත, කටීවාත වැනි රෝගවලට හේතුයි. ජය අංකය: 01 ශුභ වර්ණය: දම්

මීන ලග්නය

අද දවස ඔබට ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. කෙටි ගමන් බිමන් වැනි දේට ශුභයි. තම වෙළහෙළදාම්වලින් ජයදෙයි. රාජකාරිවලින් පුරුදු ලෙස යුතුකම් ඉටුකරයි. ප්‍රේමසබඳතා වර්ධනය වෙයි. මූල රෝග වැනි රෝගවලට හේතුයි. ජය අංකය: 03 ශුභ වර්ණය: තැඹිලි 

මැතිවරණ නීති කඩන්න ප්‍රසිද්ධියේ උපදෙස් දුන් අගමැතිනියට හතර වටින් විරෝධය

මැතිවරණ නීති කඩන්න ප්‍රසිද්ධියේ උපදෙස් දුන් අගමැතිනියට හතර වටින් විරෝධය

ReeCha