මම ඉන්නේ කොළඹ සුඛෝපභෝගී එපාර්ට්මන්ට් එකක වුනත් කොහා අපිට අවුරුදු ගේනවා-තාරුකා වන්නිආරච්චි (PHOTOS)
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන අකුරට යන වෙලාවේ සහ අපි එක රෑනේ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි තාරුකා වන්නිආරච්චි කියලා කියන්නේ. ඉතින් දැන් කාටත් ආදර්ශයක් ලබා දෙමින් කළා ජීවිතයයි පුල් ජීවිතයයි සමබරව පවත්වාගෙන යන ඇය මේදා පාර අලුත් අවුරුද්ද ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැනත් පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් ඇය අවුරුදු තුනකින් විතර නිර්මාණයකට දායක වුණේ නැති වුනත් හැබැයි මේ වසරේ ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා කියලයි තාරුකා කියන්නේ. ඒ වගේම ඇයගේ ගෙදර ජීවිතේ සාමාන්‍ය විදියට සරලව සැහැල්ලුවෙන් ගෙවෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ගෙදර වැඩි වගකීමක් දරන්නෙ සැමියා නිසා ඇය බබා බලාගෙන සැමියගෙ වැඩත්, ගෙදර වැඩත් කරගෙන ඉන්නවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇය සමාජයේදි වේවා, ගෙදරදි වේවා ඇයට හමුවන කෙනාව හඳුනාගෙන ජීවත්වන කෙනෙක් කියලයි තාරුකා කියන්නේ.
ඉතින් සුදුසු විදියට තැනේ හැටියට කටයුතු කරන කෙනෙක් නිසා අනෙක් කෙනාව නිතරම ගෞරවය සහ පිළිගැනීම අවංකව කළාම ඒ ගෞරවය, පිළිගැනීම ආපහු ලැබෙනවා කියලත් ඇය කියනවා. හැබැයි ඒ වගේම බනින්න ඕනෑ විදියට කවුරුහරි කටයුතු කළොත් ඇය නොබැන ඉන්නෙත් නැහැලු.