රටම ඇඟිලි ගනිමින් සිටි දිනය මෙන්න, ටනාෂා විවාහා වෙන දවස කියයි (PHOTOS)
ටනාෂා හතරසිංහ කියන්නේ පුංචි තිරයේ නිර්මාණ බොහොමයක් හරහා අපට දැක බලාගන්න ලැබුණු ජනප්‍රිය නිලියක්. මේ දවස්වල නම් ඇය ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්නේ නීල පබළු ටෙලිනාට්‍යයේකුරුළු කියන චරිතය නිසයි. ඊට අමතරව වෙළඳ දැන්වීම් මියුසික් වීඩියෝ සහ චිත්‍රපට වලටත් ඇය දායකත්වය ලබාදීලා තියනවා.
ඒ වගේම නිරූපන ශිල්පිනියක් විදියටත් කළා ක්ෂේත්‍රය තුල සිටින කෙනෙක් කිව්වොත් හරි. ඒ ඔස්සේ තරඟ වලටත් සහභාගී වෙලා ජයග්‍රහණය කරලා තියනවා. ඉතින් අයගේ විවාහය ගැන සහ පවුලේ විස්තරත් කාලා කළා කටයුතු ගැනත් කියලා තිබුනේ මෙහෙමයි. මේ දවස්වල නීල පබළු කතාවේ කුරුළු කියන චරිතය වෙනුවෙන් රංගනයෙන් දායක වෙලා ඉන්නවා. ඒ හැරුණම සුපුරුදු විදිහට නිරූපණ වැඩ කටයුතුත් කරගෙන යනවා.
කුරුලු කියන්නේ හරිම අහිංසක සාධාරණ කෙනෙක් නිසා අපේ ප්‍රේක්ෂකයින් ගොඩක් එයාට ආදරේ කරනවා. මගතොටේදි මුණගැහෙන අයත් ළඟටම ඇවිත් කියනවා කුරුලුට අසාධාරණ කම් වෙනකොට දුකයි කියලා. කුරුලු සහ ටනෂා ගත්තම දෙන්නම එකවගේ කියන්නත් බැහැ. ප්‍රධාන වශයෙන්ම කුරුලු කියන්නේ ෆැෂන් කරන කෙනෙක් නෙවෙයි.
අඩුම තරමේ කියුටෙක්ස් එකක්වත් පාවිච්චි කරන්නේ නැහැ. මගේ ඇත්ත ජිවිතේ ගත්තොත් නිරුපිකාවක් නිසා ගොඩක් ෆැෂන් කරනවා. අනිත් ගතිගුණ අතින් නම් කුරුළු සහ මම එකවගේ, කුරුළු එයාගෙ පවුලට ගොඩක් ආදරෙයි ඒ දේවල්වලින් නම් එක වගේ. රංගනයට එන්න කලින් මම 2013දී දෙරණ මිස් ශ්‍රී ලංකා”තරගයෙන් දෙවනි ස්ථානය දිනාගත්තා. ඊට පස්සේ ඉන්ටර්නැෂනල් පැජන්ඩ් එකට ගියා. එතනිනුත් ජයග්‍රහණය කරලා ලංකාවට ආවට පස්සෙයි රංගනයට එන්න ආරාධනා ලැබුනේ.
මුලින්ම රන් දේදුන්නක් චිත්‍රපටයේ රඟපාන්න ලැබුනා. නිරූපිකාවක් වෙන්න ආසාවෙන් ඉඳලා රඟපාන එන්න ලැබීමත් හරිම සතුටු දෙයක්. දැන් පෙම්වතෙක් ඉන්නවද විවහා වෙනවද කියලා සමහරු අහනවා.
මට පෙම්වතෙක් ඉන්නවා, මේ අවුරුද්දේ නම් විවහා වෙන්න අදහසක් නැහැ. 2023 අවුරුද්දේදී විවහා වෙන්න අදහසක් තියාගෙන ඉන්නවා. ලොකු අනාගත බලාපොරොත්තු නැහැ, ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |








