තණමල්විල පොලිසියේ වැටලීමකදී ගිනිඅවියක් සහ අයිස් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Report

තණමල්විල, ගඟේයාය ප්‍රදේශයේදී ගිනිඅවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (29) සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී නිෂ්පාදිත රටක් සඳහන් නොවන, බෝර 12 පතරොම් භාවිත කළ හැකි ගිනිඅවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 370ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ගඟේයාය ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි. සැකකරු එවැනි ගිනිඅවියක් ළඟ තබාගෙන සිටියේ කුමන අරමුණකින්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.

කෙසේ වෙතත්, සැකකරු මීට පෙර මනුෂ්‍ය ඝාතනයක් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප මත සිටින පුද්ගලයෙකු බවද පොලිසිය සඳහන් කළේය. සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සංචාරක ක්ෂේත්‍රයට සුබ ලකුණක් - ජපානයෙන් සංචාරකයින් 200ක් එකම ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට

සංචාරක ක්ෂේත්‍රයට සුබ ලකුණක් - ජපානයෙන් සංචාරකයින් 200ක් එකම ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට

පවුල් ආරවුලක් දුරදිග යයි - බිරිඳගේ හිසට පොරවෙන් පහර දුන් සැමියා පොලිසියට භාරවෙයි

පවුල් ආරවුලක් දුරදිග යයි - බිරිඳගේ හිසට පොරවෙන් පහර දුන් සැමියා පොලිසියට භාරවෙයි