රන්මිල බලන් ඉද්දි උඩ ගිහින් - රත්තරන් අඩු වෙනකම් බලන් හිටපු දුක හිතෙන රන්මිලක් මෙන්න
නිරන්තරයෙන් උච්චාවචනය වන රන් මිල අද දින යළි වෙනස් වීමකට ලක්ව ඇත.
ඒ අනුව කැරට් 24 රන් පවුමක විකුණුම් මිල ඊයේ (29) දින රුපියල් 390,555ක් ලෙස වාර්තා වූ අතර අද එය රුපියල් 391,000ක් ලෙස වාර්තා විය.
ඒ සමඟ අනෙකුත් රන් මිල ගණන් මෙරට වාර්තා වූයේ පහත සඳහන් ලෙසයි.
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 366,150ක් සහ එහි විකුණුම් මිල රුපියල් 391,000ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 335,350ක් සහ එහි විකුණුම් මිල රුපියල් 358,000ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 320,240ක් සහ එහි විකුණුම් මිල රුපියල් 342,000ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 274,700ක් සහ එහි විකුණුම් මිල රුපියල් 293,280ක් ලෙස වාර්තා විය.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.