ලෝක කුසලානය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා මැද පෙළ ශක්තිමත් කරන්න දසුන් නැවත කැඳවීමේ සූදානමක්
By Kanchana
එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත ඉදිරි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායක දසුන් ශානක යළි කැඳවීමට ඉඩ ඇති බව වාර්තා වේ.
ලබන වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ සහ අවසන් පිතිකරණ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ශානක නැවත එක්දින සංයුතියට එක් කිරීමට තේරීම් කමිටුව අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වීමෙන් පසුව චරිත් අසලංක ද ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට යළි එක්වීමට ඉඩ ඇති බව වාර්තා වේ.