'දිට්වා' සුළි කුණාටුවෙන් බැටකෑ කෑගල්ල නැවත ගොඩනගන්න රුපියල් බිලියන 500ක්

Report

දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත්වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස, මාර්ග ඇතුළු පහසුකම් යළි ස්ථාපිත කිරීම සඳහා රජය රුපියල් බිලියන 500ක් වෙන් කර ඇත .

වැඩිම ආපදාවක් සිදුවූ අරනායක ප්‍රදේශයේ පමණක් නිවාස 750ක් අලුතින් ඉදි කෙරෙන බව කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නන්ද බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ දිට්වාවෙන් ආපදාවට පත් අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වත්මන් තත්ත්වය පිළිබඳ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ

දිට්වා සුළි කුණාටුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට ද දැඩි බලපෑමක් එල්ල විය එම දිස්ත්‍රික්කයේ වැඩිම හානියක් සිදුවූයේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටයි.

එම ප්‍රදේශයේ නිවාස, මංමාවත් ඉදිකිරීම කඩිනමින් සිදුකෙරෙන අතර හෙම්මාතගම ජල යෝජනා ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති රැසක් ද යථාතත්ත්වයට පත් කර තිබේ .

මේ වනවිට අරණායක ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර සහ අරණායක ප්‍රාදේශීය ලේකම් ශ්‍යාමලී පියතිස්ස යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්විය .