නේපාල ගංවතුරේ දින 3ක් සුන්බුන් යට සිරවී සිටි දැරියකගේ ජීවිතය ගලවාගනී

Report

නේපාලයේ රාසුවා දිස්ත්‍රික්කයට බලපෑ දැවැන්ත ගංවතුරෙන් පසු මඩ සහ සුන්බුන් යට දින තුනක් සිරවී සිටි හය හැවිරිදි දැරියක් ජීවිතයෙන් බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත්ව තිබේ.

මෙම විශ්මයජනක ගලවා ගැනීම සිදුව ඇත්තේ රාසුවා දිස්ත්‍රික්කයේ ටිමුරේ ගම්මානයේදීය. භෝටේ කොෂි ගඟ පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශය දැවැන්ත ගංවතුරකට ගොදුරු වී තිබිණි. දිවි ගලවාගත් පුද්ගලයන් සොයමින් සිටි නේපාල සන්නද්ධ පොලිස් බලකායේ (APF) නිලධාරීන්ට මඩ සහ පස් යටින් දුර්වල හඬක් ඇසී තිබේ.

වහාම එම ස්ථානයේ කැණීම් ආරම්භ කළ නිලධාරීන්ට, සුන්බුන් යට සිරවී සිටි දැරිය සොයාගෙන ආරක්ෂිතව පිටතට ගැනීමට හැකි වී ඇත. මුලින් ඇයට ටිමුරේහි පිහිටි APF දේශසීමා මුරපොළේදී ප්‍රතිකාර ලබාදී තිබේ.

කෙසේ වෙතත් ඇගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් වැඩිදුර විශේෂඥ ප්‍රතිකාර සඳහා කත්මණ්ඩු වෙත රැගෙන යාමට බලධාරීන් කටයුතු කර ඇත. අයහපත් කාලගුණය සහ දෘශ්‍යතාව අඩුවීම හේතුවෙන් මුලින් සැලසුම් කළ ගුවන් ගමන ප්‍රමාද වී තිබූ අතර, පසුව සෙනසුරාදා දහවල් කාලගුණ තත්ත්වය යහපත් වූ පසු හෙලිකොප්ටරයකින් දැරිය කත්මණ්ඩු රෝහලක් වෙත රැගෙන ගොස් තිබේ.

නේපාල ගංවතුර විපතින් මරණ 734 දක්වා ඉහළට- තවත් 2,500ක් අතුරුදහන්

නේපාල ගංවතුර විපතින් මරණ 734 දක්වා ඉහළට- තවත් 2,500ක් අතුරුදහන්

මේ වනවිට ඇය විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ පසුවන බව වාර්තා වේ. ගලවා ගැනීමේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර, දැරිය සොයා ගැනීම සඳහා නොනවත්වා මෙහෙයුම් කළ APF නිලධාරීන්ට බොහෝ දෙනෙකු ප්‍රශංසා කර තිබේ.

දැරිය මනීෂා මාගර් ලෙස හඳුනාගෙන ඇති අතර, ඇගේ පවුලේ සාමාජිකයන් හෝ ඥාතීන් සොයා ගැනීම සඳහා බලධාරීන් මේ වනවිට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

නේපාලයේ ගංවතුරෙන් දැවැන්ත හානියක් මේ අතර, ගංවතුරෙන් සිදුවූ විනාශයෙන් පසු නේපාලයේ ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් වැය විය හැකි බව විදේශ අමාත්‍ය ශිෂීර් ඛනාල් පවසයි.

හානි සහ පාඩු පිළිබඳ සම්පූර්ණ තක්සේරුවක් සිදුකිරීමෙන් පසු ඉදිරි සැලසුම් සකස් කරන බවත්, ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය අවශ්‍ය බවත් ඔහු සඳහන් කර තිබේ. ගංවතුරෙන් පසු මේ වනවිට මළ සිරුරු 675ක් සොයාගෙන ඇති අතර, 2,400කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

නේපාල ගංවතුරේ හඳුනා නොගත් මළ සිරුරු පසුව DNA මගින් සොයාගත හැකි ලෙස භූමදානය කරයි

නේපාල ගංවතුරේ හඳුනා නොගත් මළ සිරුරු පසුව DNA මගින් සොයාගත හැකි ලෙස භූමදානය කරයි