වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරයෙකු ට මාරුවීමක්

By Sewvandhi May 25, 2022 09:05 AM GMT
Report

තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ, ස්ථානාධිපතිවරයා ගල්කිස්ස පොලිස් කොට්ඨාශයට මාරුකර යවා ඇති බවයි.

ඒ සමගම සීතාවක කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.කොඩිතුවක්කු මහතා පත් කෙරිණි.

ඔහු මීට පෙර කොළඹ පොලිස් මූලස්ථානයේ සේවය කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now