හෙට තියන්න තිබූ ගුරු විභාගය හදිසියේම තහනම් කෙරේ..50000කගේ බලාපොරොත්තු බොඳවෙයි..

Ministry of Education
By Aruna Mar 24, 2023 01:15 AM GMT
Aruna

Aruna

Report


රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්, ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) අතුරු තනහම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, විජිත් මලල්ගොඩ, එච්. එම්. එන්. කේ. නවාස් සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල හමුවේ ඊට එරෙහිව ඉදිරිපත්ව තිබූ පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුවයි.

උපාධිධාරීන්ගේ සංගමය පෙත්සම් ගොනුකර තිබූ අතර පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ,විභාගය පවත්වන ක්‍රියාවලිය නීත්‍යානූකූල නොවන බැවින් අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කරන ලෙසයි.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් වනතුරු, අදාළ විභාගය පැවැත්වීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 

වැඩි විස්තර මෙතැනින් බලන්න.


Gallery