විරෝධතා කල ගුරු-විදුහල්පතිවරු ගැන කනගාටුදායක පුවතක්...මෙවන් දෙයක් යළි සිදු නොවේවා!!!

Covid Sri Lanka Principal Teachers Picketing
By Aruna Aug 26, 2021 06:39 AM GMT
Aruna

Aruna

Report

මෑතකදී පැවති ගුරු විදුහල්පති උද්ඝෝෂණ වලට සහභාගී වූ ගුරුවරුන් විශාල පිරිසකට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවක සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සඳහන් කරයි.

තවත් ගුරුවරුන් පිරිසක් වෛරසය ආසාදනයෙන් මිය ගොස් ඇතැයිද ඇය පවසයි.

ආණ්ඩු විරෝධී වෘත්තිය සමිති විසින් සංවිධානය කළ මෙම විරෝධතා නිසා විපතට පත් ගුරු පිරිස්වල වගකීම එම වෘත්තිය සමිති නායකයන් බාරගත යුතු යැයි ද පැවසූ ඇය එම නායකයන් අද වන විට අතුරුදහන් වී ඇතැයි ද කියා සිටියාය.

පවත්වන ලද ගුරු විරෝධතා හේතුවෙන් නැවත වතාවක් රට තුළ කොරෝනා තත්ත්වය ව්‍යාප්ත වූ බවටද ඇය චෝදනා කරයි. ආණ්ඩු විරෝධී ලෙස කටයුතු කිරිමට කෝටි 85ක මුදලක් විවිධ රාජ්‍ය නොවන සංවිධානවලින් ගුරු සංගම් වල ඇතැම් නායකයන්ට සහ ප්‍රසිද්ද හිමි නමකට ලැබුණු බවට වාර්තා පළ වූ බවද ඇය පැවසුවාය.

ඇය මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha