ගුරු - විදුහල්පතිවරු හදිසියේම ගත් තීරණය මෙන්න.

Sri Lanka Education Teachers Principals Josep stalin
By Aruna Nov 14, 2021 08:21 AM GMT
Aruna

Aruna

Report

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් සඳහන් කරනවා.

මේ අතර මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින් නොසලකා හැර ඇති බවත් රුපියල් 16000ක වැටුප් හෝ දිමනා ලබා නොදුනහොත් පෙර නොදන්වා වෘත්තිය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් රාජ්‍ය නිලධාරි වෘතිය සමිති සම්මේලනය පවසයි.

අය වැය යෝජනා මගින් මෙරට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් දීමනා නොදීම හේතුවෙන් මිලියන 1.5ක රාජ්‍ය සේවකයින් හා ඔවුන්ගෙන් යැපෙන මිලියන 6කට ආසන්න ජනතාව ජිවත් වීමේ අපහසුතාවයට පත්ව ඇති බවත් ඔවුන් පෙන්වා දේ.

පසුගිය සංඝනනයට අනුව හතර දෙනකුගෙන් යුතු පවුලකට මසක් ජිවත් විමට රු 58000 අවැසි බව සදහන්ව තිබුණද වත්මන් සමයේ සීග්‍රව භාණ්ඩ මිල ඉහල යෑම නිසාවෙන් මේ තත්වය තවදුරටත් ඉහල ගොස් ඇති බවත් ඔවුන් කියා සිටී.

එනිසා ඉදිරි සති කීපය තුලදි මේ පිලිබදව අවධානය යොමු නොකරන්නේනම් පෙර කිසිදු දැන්වීමකින් තොරව වෘතිය ක්‍රියා මාර්ගයන්ට යොමුවන බවද එහි වගකීම රජය භාරගතු යුතුබවද සම්මේලනය වෙනුවෙන් එහි ජාතික සංවිධායකවරයා ලිපියක් යොමු කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha