ගුරුවරුන්ට සුබ ආරංචියක්...රජයෙන් විශේෂ දැනුම් දීමක්..

Sri Lanka Teacher Education ministry Salary more Kapila perera
By Aruna Sep 20, 2021 03:30 AM GMT
Aruna

Aruna

Report

ගුරු විදුහල්පතිවරුන්ට මසකට රුපියල් පන්දහසක අමතර දීමනාවක් ලබාදීමේ චක්‍රලේඛය නිකුත් කළ බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළා.

ඒ අනුව ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන්ට පමණක් සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවල අදාළ මුදල ලබාදෙනු ඇති.

එසේම, මෙවර උසස් පෙළ විභාගයේ ඉල්ලුම්පත්‍ර පමණක් හෙට වනවිට යොමුකර අවසන් කිරීමට දැනට ඔන්ලයින් වර්ජනයේ නිරත විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහෙත්, ශිෂ්‍යත්ව ඉල්ලුම්පත්‍ර යොමු කිරීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නො මැති බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

එමෙන්ම, තම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛන්ඩ ව ක්‍රියාත්මක කරන බව ගුරු - විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අවධාරණය කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha