"විකුණන තෙල් ලීටරය ගානෙ ණය.." - හැම මාසෙම ඉන්ධන වලට වෙන දෙය..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ඩීසල් මත පනවා ඇති බදු අඩුකළ නොහැකි බවයි.
ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (19) බේරුවල පැවැති ජන හමුවකට එක්වෙමින් ය.
එමෙන්ම, ඉන්දියාව සමග එක්ව සාම්පූර් ප්‍රදේශයේ සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීම හැකි ඉක්මනින් ආරම්භ කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
"ඩීසල් රු.300ට වඩා පහළ ගියේ අපේ ආණ්ඩුවෙන්. හැබැයි සෑම මාසෙම අඩු කරන්න බැහැ. ඩීසල්වලට තියෙන බද්ධ අඩු කරන්න බැහැ. තෙල් සංස්ථාව කෝටි 90,000ක් ණයයි. විකුණන තෙල් ලීටරය ගානේ ණය ගෙවනවා. බද්ධ අයින් කරන්න වෙන්නේ ණය ගෙවපුවාම..
..ආරම්භයේදීම ඉන්දියාවේ සංචාරය කළා. සාම්පූර් බලාගාරය හදන්න එකඟ වුණා. ගිවිසුම ගැහුවේ අවුරුදු 20කට. බලාගාරයේ අයිතිය 50%ට 50%. කලින් විදුලිය දෙන්න හිටියේ ඒකකයක් ඩොලර් සත 07ට. ඩොලර් සත 5යි 97ට ගන්න සාකච්ඡා අවසන් කළා. දැන් ඒ බලාගාරය අපි හදනවා..
තෙල් ටැංකි 99ක් තියෙනවා. අපි ටැංකි 24ක් අරගෙන IOC එකට 14ක් දුන්නා තව තෙල් ටැංකි 61ක් ඉතුරුයි. අපි ඉන්දියානු සමාගමත් එක්ක එකතු වෙලා එතන පුළුවන් නම් තෙල් පිරිපහදුවක් දලා. තෙල් පිරිපහදු කරලා මේ ගබඩාවල ගබඩා කරලා ලෝකෙට තෙල් විකුණමු කියලා.."
You May Like This Video👇