අතිශය ජනප්‍රිය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරයක සභාපතිවරයෙක් මියයයි..

India Businessman Death
By Aruna Oct 10, 2024 01:44 AM GMT
Aruna

Aruna

Report

Update 

මේ අනුව ප්‍රබල ඉන්දීය ව්‍යාපාරික හිටපු ටාටා සභාපති රතන් ටාටාගේ අවමංගල්‍ය උත්සවය රාජ්‍ය ගෞරව සහිතව රාජ්‍ය අවමංගල්‍යක් ලෙස සිදු කරන බව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය එක්නාත් ෂින්ඩේ නිවේදනය කර තිබේ.

ඒ අනුව මහජන ගෞරවය සඳහා දේහය අද උදෑසන 10 සිට සවස 4.00 දක්වා දකුණු මුම්බායි හි ප්‍රසංග කලා සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ (NCPA) තැන්පත් කර තැබෙන බවටයි ඉන්දීය ප්‍රවෘත්ති නාලිකාව වාර්තා කර සිටින්නේ.

..............................................................

ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරයක් වන ඉන්දීය 'TATA' සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා මහතා මිය ගිය බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, වසර 20 කට වැඩි කාලයක් සභාපතිවරයා ලෙස සමූහ ව්‍යාපාරය පවත්වාගෙන ගිය ඔහු මුම්බායි හි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ බවයි.

ත්‍රිවිධ හමුදාවගේ හිමිකම් කප්පාදු කිරීමක් නැහැ.. මෙන්න සතුටුදායක ආරංචියක්.

ත්‍රිවිධ හමුදාවගේ හිමිකම් කප්පාදු කිරීමක් නැහැ.. මෙන්න සතුටුදායක ආරංචියක්.


මියයන විට ඔහු 86 වන වියේ පසුවූ අතර, ටාටා සමූහය 1868 දී ආරම්භ කරන ලද ඉන්දියාවේ විශාලතම සන්නාම රැසකට හිමිකම් කියන සමූහ ව්‍යාපාරයක් ද වේ.

එහිදී TATA,TITAN,TAJ,JAGUAR ,LAND ROVER සහ Starbuks වැනි සන්නාමයන්ද ඇතුළත් වීම විශේෂත්වයක්.

වර්ෂ 2005 දී, ඔහු Forbes හි වසරේ ආසියානු ව්‍යාපාරිකයා ලෙස නම් කරන ලද අතර, 2012 දී සමූහයේ සභාපතිවරයා ලෙස ඔහුගේ භූමිකාවෙන් ඉවත් වූ නමුත් නැවතත් 2016 වර්ෂයේදී අතුරු ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කෙටි කලකට නැවත සේවය කර ඇත.

ReeCha