ත්‍රිවිධ හමුදාවගේ හිමිකම් කප්පාදු කිරීමක් නැහැ.. මෙන්න සතුටුදායක ආරංචියක්.
Sri Lanka Army
Ministry of Defense Sri Lanka
Sri Lanka Navy
Sri Lanka Air Force
By Aruna
ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට දී ඇති හිමිකම් කප්පාදු කිරීමට රජයට කිසිදු අදහසක් නැතැයි ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් මේ දිනවල විවිධ තොරතුරු ප්‍රචාරය වෙමින් පවතින බවත්, ඒවායේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ කළ පළමු නිල සංචාරයේදී, ගුවන් හමුදා සාමාජිකයන් අමතමින් පසුගිය දා ඔහු මේ බව කියා සිටියේ ය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන් සමග මූලස්ථානයේ අංශ කිහිපයක් ද ලේකම්වරයා විසින් නිරීක්ෂණය කරන්නට විය.
ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා ද මෙම සංචාරයට එක්ව සිටියා.