සියඹලා මෙච්චර ගණන් උස්සයි කියලා කවුද හිතුවේ..

Report

සියඹලා මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව වාර්තා වනවා ඒ දේශීය වෙළඳපොලේ පවතින සියඹලා හිඟය හේතුවෙනුයි.

අද (12) දිනයේ හැටන් ප්‍රදේශයේ, සාමාන්‍යයෙන් රුපියල් 350ක් 400ක් වැනි උපරිම සිල්ලර මිලකට අලෙවිකළ සියඹලා කිලෝවක් රුපියල් 2,000ක සිල්ලර මිලකට අලෙවිකර තිබේ.

තාරුණ්‍යයේ වාහන සිහිනය බොඳවෙලාම යන ලකුණු.. මෙච්චර මිල වැඩිවීමක්..500% ක් සමහර ඒවට 600%ක්..(VIDEO)

තාරුණ්‍යයේ වාහන සිහිනය බොඳවෙලාම යන ලකුණු.. මෙච්චර මිල වැඩිවීමක්..500% ක් සමහර ඒවට 600%ක්..(VIDEO)

වෙළෙඳුන් පවසන්නේ, මේ දිනවල සියඹලා ගස්වල අස්වැන්න නොමැති බවත්, මාර්තු මස අග පමණ වන විට සියඹලා ඵලදාව ලබාගන්නා තෙක් මෙම හිඟය පවතිනු ඇති බවයි.

හින්දු ජනතාව ව්‍යංජන පිළියෙල කිරිමේදී සියඹලා බහුල වශයෙන් භාවිතා කරනු ලබයි.

විශේෂයෙන් හින්දු ජනතාව විසින් පිළියෙල කරනු ලබන මිරිස් හෝදදට සහ තෛපොංගල් දින උත්සවයට සියඹලා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක්ය.  

………………………………………………………………………………

You may like this video 👇