ධීවර හා සාගර සම්පත් ක්ෂේත්‍රයට සුබ ආරංචියක් - සංවර්ධනයට ඩෙන්මාර්කය සමග සාකච්ඡාවක්

Report

ශ්‍රී ලංකාවේ ධීවර හා සාගර සම්පත් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා ඩෙන්මාර්කයේ ප්‍රමුඛ පෙළේ ආයතන කිහිපයක් සමග සාකච්ඡා මාලාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කරන් සහ අමාත්‍යාංශ ලේකම් කෝලිත කමල් ජිනදාස යන මහත්වරුන් පවත්වා ඇත.

මෙම ප්‍රධාන හමුවීම් හි වඩා සාර්තක ප්‍රගතියක්ද අත්කරගනු ලැබූ බව ඩෙන්මාර්කයේ සිදුකරන ලද නිල සංචාරයේදී වන අතර අමාත්‍යාංශය සදහන් කර තිබේ .

ඒ අනුව ලොව නාවික ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් වන MAERSK සමාගම පැවැති සාකච්ඡා මාලාවේදී ශ්‍රී ලංකා ධීවර පවුල්වල තරුණ පරපුරට සහ නාවික ක්ෂේත්‍රයේ පළපුරුදු පිරිස් වෙත එම සමාගම සතු ජාත්‍යන්තර නෞකාවල වෘත්ති අවස්ථාවන් උදාකරදීම පිළිබඳව විශේෂ අවධානයක් යොමුව ඇත .

ඩොලර් මිලියන 2.5 සයිබර් සොරකම - CID විමර්ශන තීව්‍ර වෙයි

ඩොලර් මිලියන 2.5 සයිබර් සොරකම - CID විමර්ශන තීව්‍ර වෙයි

මෙරට පවතින නාවික පුහුණු ආයතන සමග එක්ව ප්‍රායෝගික පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් ඒ හරහා ලාංකිකයින්ට විශේෂ රැකියා කෝටාවක් ලබා ගැනීමටත් අවශ්‍ය යෝජනාවලියක් ඉදිරිපත් කිරීමටත් මෙහිදී මූලික එකඟතාවට එළැඹ තිබේ .

මාත්‍යාංශය සඳහන් කළේ ඩෙන්මාර්ක කර්මාන්ත මණ්ඩලය සමගද සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ප්‍රමුඛතම ව්‍යාපාරික සංගමය වන ‘Danish Industry’ හී ජ්‍යෙෂ්ඨ උපදේශක ඕලේ ලිනට් ජූල් මහතා හමුවූ ශ්‍රී ලංකා දූත පිරිස ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීම තිරසාර මුහුදු සංචාරක ව්‍යාපාරය, පුනර්ජනනීය බලශක්තිය සහ නවීන මත්ස්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථාන ඇති කිරීමේ විභවතාවන් පිළිබඳව කරුණු ඉදිරිපත් කර ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා හඳුනාගනිමින් එම ක්ෂේත්‍ර නංවාලීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමටද ඩෙන්මාර්ක පාර්ශ්වය මෙහිදී එකඟතාව පළ කර ඇති බවයි .

තවද සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන ආයෝජන අරමුදල වන ‘Impact Fund’ හී කළමානාකාර අධ්‍යක්ෂක ඔටෝ වින්තර් ක්‍රිස්ටෙන්සන් මහතා අතරද සාකච්ඡාවක් දූත පිරිස විසින් පවත්වා තිබේ. එහිදී මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ව්‍යාපෘති සඳහා සහනදායී අඩු පොලී ණය පහසුකම් ලබා ගැනීම පිළිබඳව අවධානය යොමුව ඇත.

''රිවස්ටන්'' වලින් ආයෙමත් කරළියට එන රංදික

''රිවස්ටන්'' වලින් ආයෙමත් කරළියට එන රංදික

විශේෂයෙන්ම හරිත බලශක්තිය සහ මත්ස්‍ය පිරිසැකසුම් කර්මාන්තශාලා සඳහා මෙම අරමුදල හරහා සහය ලබා ගත හැකි අතර ඒ පිළිබඳව ලාංකික ව්‍යවසාකයින් දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආයෝජන සමුළුවකට සහභාගී වන ලෙස අමාත්‍යවරයා ඔවුන්ට ඇරයුමක්ද සිදුකර තිබේ.

අදාළ නිල සංචාරයේදී මෙරට විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට මෙන්ම ජාත්‍යන්තර රැකියා අවස්ථාවන් ජය ගැනීම උදෙසා මෙම සාකච්ඡා මාලාව හරහා ශක්තිමත් පදනමක් සකස් වූ බවද අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා මෙහිදි සඳහන් කළ බව අමාත්‍යාංශය සඳහන් කළේය.