T20 ලෝක කුසලාන ක්‍රිකට් තරග බලන්න ඉන්න ඔයාට සුබ පණිවිඩයක්
මෙරට පැවැත්වෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරගවල ප්‍රවේශ පත්‍ර අද (03) සිට අලෙවි කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ .
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙනු ලබන්නේ එලෙස තෝරාගත් ස්ථානවල පිහිටා ඇති ප්‍රවේශ පත්‍ර කවුන්ටර විවෘත කිරීමට නියමිත බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ඇති ප්‍රවේශ පත්‍ර කවුළුව අද (03) සිට විවෘත කර තිබේ.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරග පැවැත්වෙන අවස්ථාවේ පමණක් ඔරුගොඩවත්ත ප්‍රවේශ පත්‍ර කවුළුව විවෘත කරන බව වාර්තා වේ .
තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනු ලබන්නේ ආර්. ප්‍රේමදාස සහ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණවල ඇති ප්‍රවේශ පත්‍ර කවුළු ද තරග නොපැවැත්වෙන දිනවලදී පමණක් විවෘත කරන බවයි.
නුවර – අභීත ක්‍රිඩාංගණයේ ඇති ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග පැවැත්වෙන දිනයේදී පමණක් ටිකට් පත්‍ර අලෙවි කිරීමට නියමිතව ඇත. ප්‍රවේශ පත්‍රයක් රුපියල් 1000 සිට රුපියල් 10,000 දක්වා මිල ගණන් නියම කර තිබේ ඒවා ඒවා පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ලබා ගත හැකිය. ශ්‍රී ලංකාව සහභාගී වන තරග සඳහා එක් පුද්ගලයෙක්ට උපරිම ප්‍රවේශ පත්‍ර හතරක් පමණක් මිලදී ගත හැකියාව පවතී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වැඩිදුරටත් සඳහන් කරනු ලබන්නේ ශ්‍රී ලංකාව සහභාගී නොවන තරග සඳහා එක් අයෙකුට උපරිම ප්‍රවේශ පත්‍ර 10ක් නිකුත් කරන බවයි.
[