දෙව්නි මෝරි සර්වඥ ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනය ගැන දැනුම්දීමක්
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ දෙව්නිමෝරි (Devnimori) පුරාවිද්‍යා ස්ථානයෙන් සොයා ගන්නා ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය පෙබරවාරි 05 සිට 11 වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට සියලු කටුතු සූදානම් කර තිබේ.
මෙම සර්වඥ ධාතුන්වහන්සේලා ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙනුයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ 2025 වසරේ ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස දෙරට අතර පවතින දීර්ඝකාලීන ආධ්‍යාත්මික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණිනි.
ඒ වගේම දැනට Vadodara මහාරාජා සායජිරාඕ විශ්වවිද්‍යාලයේ තැන්පත් කර ඇති මෙම ධාතූන් වහන්සේලා ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට (04) ශ්‍රී ලංකාවට වැඩම කරවනු ලබයි .
ගුජරාට් ආණ්ඩුකාර ශ්‍රී ආචාර්ය Shri Acharya Devvrat සහ ගුජරාට් නියෝජ්‍ය මහ ඇමති Shri Harsh Sanghavi යන මහත්වරුන් ඇතුලු ඉහළ පෙළේ ඉන්දීය දූත පිරිසක් ද මෙම සංචාරයට එක්වීමට නියමිතව තිබේ .
ක්‍රිස්තු වර්ෂ මුල් යුගයට අයත් මෙම දෙව්නිමෝරි ධාතූන් වහන්සේලා 1957 වසරේදී සොයා ගන්නා ලදි.
ඒවා “දශබල ශරීර නිලය” (Dashabala Sharira Nilay) යනුවෙන් බ්‍රාහ්මී අක්ෂරයෙන් සටහන් කළ කරඬුවක තැන්පත් කර ඇත.
එම ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන කාලසීමාව තුළ ඉන්දියාවේ බෞද්ධ උරුමය පිළිබඳ විශේෂ ප්‍රදර්ශන ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ .
ප්‍රදර්ශනය අවසන් වීමෙන් පසු පෙබරවාරි 11 වනදා ධාතූන් වහන්සේලා නැවත ඉන්දියාව බලා වැඩම කරවීමට නියමිතව ඇත.