කණ්ඩාම් 20ක් සහභාගි වන ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයක් විශේෂ වෙයි..
තව මාස තුනකටත් අඩු කාලයකදී (ජූනි 02දා සිට) ආරම්භ කිරීමට නියමිතව තිබෙන විස්සයි20 ලෝක කුසලානයට අදාළ දෙවැනි ප්‍රවේශපත් නිකුතුව මේ මස 19 වැනිදා අන්තර්ජාලයට මුදාහරින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ඊයේ (මාර්තු 14) දිනයේ නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මේ යටතේ අවසන් පූර්ව තරග දෙක ඇතුළුව තරග 13ක ප්‍රවේශපත් මිලදී ගැනීමට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව උදා වෙනවා.
අලුතින් ප්‍රවේශපත් නිකුත් කරන තරග අතර ජූනි 07වැනිදා ඇමරිකාවේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයද වීම විශේෂත්වයක්.
ඊට අමතරව ඉන්දියාව, පාකිස්තානය ක්‍රීඩාකරන තරග දෙකක්ද මේ අතර වනවා.
අයි.සී.සී.ය මීට පෙර තරග 37ක ප්‍රවේශපත් අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව, ලබන සතියේ බ්‍රහස්පතින්දා සිට සමස්ත තරග 55කින් යුත් මෙවර ලෝක කුසලානයේ තරග 50කම ප්‍රවේශපත් මිලදී ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදා වී තිබීම ද විශේෂත්වයක්.
බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම ලෝක කුසලානයට ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 20ක් ක්‍රීඩා කර කිරීමට නියමිතයි.
එය විස්සයි20 ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් වැඩිම කණ්ඩායම් සහභාගිත්වයකින් පැවැත්වෙන විශාලම ලෝක කුසලානය ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇති.
මෙහි සාමාන්‍ය ප්‍රවේශපත මිල ගණන් ඇමෙරිකානු ඩොලර් 06ත් - 35ත් අතර වෙයි.
