බන්ධනාගාරයට උඩින් ආ අමුතු දේ..? (VIDEO)
වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයෙන් බන්ධනාගාරය තුළට විසි කරන ලද සැක කටයුතු පාර්සල් කිහිපයක් බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක සදහන් කළේ අදාළ පාර්සල් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ඇසුරුමක්, ජංගම දුරකථන දෙකක්, සිම්පතක්, මත්පෙති බවට සැක කෙරෙන පෙති 35ක් සහ ජංගම දුරකථන බැට්රියක් සොයා ගැනුණු බවයි.
බන්ධනාගාරය තුළට එම ද්‍රව්‍ය අඩංගු පාර්සල වනාතමුල්ල ප්‍රදේශයේ සීමා තාප්පයට ඉහළින් විසි කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. වැඩිදුර විමර්ශන සදහා එම පාර්සල බොරැල්ල පොලීසියට භාර දී තිබෙනවා.
මේ අතර, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට පත් හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 150කට ආසන්න බව නාවික හමුදාව පවසයි. එම හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයන් 09 දෙනෙකු ද අත්අඩංගුවට පත්වුණි.
පොලීසිය මඟින් ලබාදුන් තොරතුරු මත නාවික හමුදාව විසින් පසුගිය දින කිහිපය තුළ සිදුකළ වැටලීමකදී එම විදේශීය ජාතික සැකකරුවන් 09 දෙනා අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
මේ වන විට නාවික හමුදාවේ සමුදුර නෞකාව මඟින් සැකකරුවන් හා යාත්‍රාව කොළඹ වරාය වෙත රැගෙන විත් තිබේ. එම මත්ද්‍රව්‍ය රැගත් සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාව සහ විදේස් ජාතික සැකකරුවන් 09 දෙනා ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සිදුකිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
