බස් නැවතුම්පොළක සැකකටයුතු මරණයක්..
By Piyumika
මදුරන්කුලිය පොලිස් වසමේ වජිරවත්ත මාර්ගයට හැරෙන හන්දිය අසල පිහිටි බස් නැවතුම්පොළක සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.
මදුරන්කුලිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් අනාවරණය වී ඇත්තේ, මෙම මරණය අද (10) අළුයම සිදුව ඇති බවය.
ඔහු පුත්තලම රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිට ඇත. මරණකරු වයස අවුරුදු 55ක් වූ මදුරන්කුලිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්ය.
මරණය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, මරණකරු රාත්‍රී කාලයේ හිතවතුන් පිරිසක් සමග මත්පැන් පානය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
මදුරන්කුලිය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
You may like this video