ගාල්ල බන්ධනාගාරයෙත් ගැටලුවක්ද? සැකකරුවෙකු බන්ධනාගාරයෙන් පනී

Report

අද (02) අලුයම ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසා ඇත. බන්ධනාගාරය සඳහන් කරන්නේ මෙසේ පලාගොස් ඇත්තේ අම්බලන්ගොඩ කුලීගොඩ ගලගොඩ පදිංචිකරුවෙකු වන අගම්පොඩි දිලීප සම්පත් නමැති සැකකරුවෙක් බවයි.

වාර්තා වන ආකාරයට ගෙවල් බිඳුම් සහ සොරකම් චෝදනා යටතේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩු හතරක් සම්බන්ධයෙන් මොහු ඉකුත් ජුනි මස (22) වනදින සිට බන්ධනාගාර ගතකර සිටි අයෙක් බවයි.

රටේ මහජනතාවට අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් නිවේදනයක්

රටේ මහජනතාවට අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් නිවේදනයක්

අද (02) උදැසන රැඳවියන්ගේ ලේඛණය පරීක්ෂා කිරීමේදි මෙම රැඳවියා බන්ධනාගාරයේ ආරක්ෂක තාප්පයෙන් පැන පලාගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

වැඩිදුරටත් වාර්තා වී ඇත්තේ මොහු මෙයට පෙර අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදීද තාප්පයෙන් පැන පලාගොස් ඇති පුද්ගලයෙකු බවටයි. සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ද වාර්තා වේ.

යතුරුපැදිකරුවන්ට විශේෂ දැනුම්දීමක් - මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවෙන් වැටලීම් ආරම්භයි

යතුරුපැදිකරුවන්ට විශේෂ දැනුම්දීමක් - මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවෙන් වැටලීම් ආරම්භයි