යතුරුපැදිකරුවන්ට විශේෂ දැනුම්දීමක් - මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවෙන් වැටලීම් ආරම්භයි
SLS සහතිකය නොමැති බාල යතුරුපැදි හිස්වැසුම් නිෂ්පාදකයින් සහ අලෙවිකරුවන් සොයා ගැනීම සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වැටලීම් ආරම්භ කර ඇත.
මෙය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය සමඟ සහයෝගයෙන් සිදු කෙරේ. මෙම වැටලීම් වලදී හඳුනාගත් බාල හිස්වැසුම් නිෂ්පාදනය සහ විකිණීමට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලයේ සභාපති මංජුල කුලරත්න මහතා පැවසීය.
ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් පැළඳීම කිසිසේත්ම පැළඳ නොසිටීම තරම්ම භයානක බව සභාපති මංජුල කුලරත්න මහතා අවධාරණය කළ අතර SLS සලකුණ සහිත සහතික කළ හිස්වැසුම් භාවිතා කිරීම අනිවාර්ය කරන ලෙස ඉල්ලා සිටියේය.
එමෙන්ම යතුරුපැදිකරුවන්ද තමා මිලදී ගන්නා හා පළදින හිස්වැසුම් SLS සලකුණ සහිත සහතික කළ හිස්වැසුම් දැයි පරික්ෂා කර භාවිතා කිරීම සුදුසු වේ.