සමාජ මාධ්‍ය පිටුවක ඇඩ්මින්වරයකු අත්අඩංගුවට..!
Galle Face Protest
Sri Lankan protests
Sri Lanka
By Sewvandhi
සමාජ මාධ්‍ය පිටුවක ඇඩ්මින්වරයෙකු වන තවත් සැකකරුවෙකු මැයි 9 වනදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ බවට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු ෆේස්බුක් පිටුව හරහා එදිනට ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට පුද්ගලයින් එක්රැස් කිරීමට උත්සාහ කළ බවට අනාවරණය වීමත් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.
අදාළ සැකකරුට පරිගණක අපරාධ පනත සහ අනෙකුත් නීති යටතේ නඩු පවරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. ප්‍රචණ්ඩත්වයට අනුබල දුන් සැකකරුවන් කිහිප දෙනෙකු පරිගණක අපරාධ කොට්ඨාශය විසින් මේ වන විට හඳුනාගෙන ඇති අතර තවත් සැකකරුවන් හඳුනා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
