විද්‍යා පීඨ සිසුන්ට සුබ පණිවිඩයක්..

Parliament of Sri Lanka Constitution Party A D Susil Premajayantha Sri Lanka
By krishani Apr 29, 2023 03:16 AM GMT
krishani

krishani

Report

මැයි මාසය අවසන් වීමට ප්‍රථම විද්‍යාපීඨ සඳහා අලුත් සිසුන් කණ්ඩායම් බඳවාගෙන අවසන් කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේ ය.

ඒ ඊයේ (28) පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේ දී ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සඳහන් කළේ සිසුන්ට අමාත්‍යාංශය පිරිනමන රු. 5000 දීමනාව සහ රැකියාව ලැබුණු පසු ගෙවීමේ පදනම මත බැංකු හරහා දෙන රු. 15,000ක ණය මුදල ද පිරිනමන බව‍ය.

මේ අතර, ගුරු අධ්‍යාපනඥ සේවය තුළ සිටින්නේ 40%ක් බවත්, ඒ සඳහා අවශ්‍ය පිරිස් බඳවාගැනීමද ඉක්මනින් සිදු කරන බව අමාත්‍යවරයා කියා සිටියේ ය.

කෙසේවෙතත්, අපොස උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය මත විෂය වර්ගය අනුව කුසලතා පදනම සහ දිස්ත්‍රික් පදනමින් අයදුම්පත් කැඳවා, සම්මුඛ පරීක්ෂණය පවත්වා තිබෙන බවත්, එහි ඇගයුම් කටයුතු අවසන් අදියරේ තිබෙන බවත් වැඩිදුරටත් ඇමතිවරයා කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join