අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා මනුෂ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස් කරගනී

Report

දකුණු කොරියානු වීසා ගැටළුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගෙන තිබේ.

මෙම පෙත්සම ඊයේ (19) දින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලදී.

නඩු විභාගය අතරතුර, වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සහ ජනාධිපති නීතිඥ ලක්මාලි කරුණානායක අධිකරණයට දැනුම් දුන්නේ නඩුවට අදාළ සීමිත විරෝධතා වගඋත්තරකරුවන් වෙනුවෙන් ගොනු කර ඇති බවයි.

බඩි නෙට් මුට්ටිය දාපු ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුවට ඇත්ත හේතුව හෙළිවෙයි

බඩි නෙට් මුට්ටිය දාපු ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුවට ඇත්ත හේතුව හෙළිවෙයි

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ දිවුරුම් ප්‍රකාශයක් ද වගඋත්තරකරුවන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා මේ අවස්ථාවේ අත්අඩංගුවට නොගන්නා බවට CIDය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බවයි.

එබැවින් පෙත්සම ඉදිරියට ගෙන යාම අනවශ්‍ය බව ඔහු ප්‍රකාශ කළ අතර එය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

මෙම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දුන් බව 'ගගන' අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

අද කාර්යාලයේ තීරණ ගන්න කලින් සිතන්න - ලග්න කිහිපයකට අනතුරු ඇඟවීමක්

අද කාර්යාලයේ තීරණ ගන්න කලින් සිතන්න - ලග්න කිහිපයකට අනතුරු ඇඟවීමක්