හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් ඇප ඉල්ලයි
බාල වයස්කාර දැරියක් දූෂණය කළේ යෑයි චෝදනා එල්ල වී සිර දඬුවම් නියමවී සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා විසින් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත්කර තිබේ.
අදාළ පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් පසුව මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය දුන් බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.
ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් ජුලි මස 20 වනදා කරුණු දක්වන ලෙස දන්වා නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කළේය. බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කරනු ලැබීය.
එම දඬුවමට එරෙහිව ඔහු විසින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත්කර ඇති හෙයින් එම ඇපෑල විභාගයේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු තමන්ව ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා විසින් එම ඇප පෙත්සම ඉදිරිපත් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
