සුනිල් පෙරේරා කරපු, මෙතෙක් හෙළි නොවුණු සිදු වීමක් හෙළිවෙයි..."ඇයි සුනිල් මෙහෙම කරන්නෙ"?

Sri Lanka Music Sunil perera W jayasiri Kalo wijesiri
By Aruna Sep 07, 2021 08:33 AM GMT
Aruna

Aruna

Report

දශක 05කට ආසන්න කාලයක් මෙරට සංගීත කේෂ්ත්‍රයේ පෙරළිකාර වෙනස්කම් රැසක් සිදුකළ කණ්ඩායම් සංගීතයේ ප්‍රධාන චරිතයක් වූ සුනිල් පෙරේරා සිය ජිවිත ගමනට ඊයේ සමුදුන්නා.

ඔහු ජිවත්ව සිටියදී සෘජුව කතා කරන පුද්ගලයෙකු ලෙස ප්‍රකටය.

එසේ වුවත් ඔහු මානව හිතවාදී පුද්ගලයෙකු ලෙස සාක්ෂි දරනු ලබන අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය තුල දැක්වෙන කතාබස් බොහොමයි.

මේ ප්‍රවීන සිනමා ශිල්පියෙකු වන ඩබ්ලිව්.

ජයසිරි විසින් ජිප්සීස් නායක සුනිල් පෙරේරා ගැන තබා තිබු සටහනයි මේ…

” සැප්තැම්බර් පලමුවෙනිදා,ඒ කියන්නෙ හරියටම දවස් පහකට ඉස්සෙල්ලා පාන්දර 6.30ට විතර මට ෆෝන්කෝල් එකක් ආවා සුනිල් පෙරේරගෙන්.

“මචං,මට email කරල උඹේ account number එක එවපං.මගේ email එක මතක තියාගන්න හරිම ලේසියි.

no problem perera@gmail.com”.මම ඇහුව මොකද මේ හදිසියේම”.

“මගේ birthday එක ළඟ යි නේ”.

සුනිල්,හැම අවුරුද්දෙම එයා ගෙ උපන්දිනය දාට,සැප්තැම්බර් 14දා, “ලොරෙන්සෝ ද අල්මේදා,කොලොම්තොටට යහපත් නාවිකයා….

”ගීතය ලියූ මටත් එහි සංගීතය නිර්මාණය කල කාලෝ විජේසිරිටත් කතෘභාගය හැටියට එක්කෙනෙකුට රුපියල් 25,000 ගානෙ රුපියල් 50,000ක් ගෙවනව.

කාලෝ විජේසිරි මියගියත් ඔහුගේ බිරිඳට ඒ මුදල තැපැල් මගින් යවනව.

අපි ඉල්ලල නෙමෙයි, සුනිල්ම හිතල ස්වකැමැත්තෙන් සිදුවන දෙයක්.2016 අවුරුද්දෙ ඉඳල හැම අවුරුද්දෙම සුනිල් ගෙ උපන්දිනය දවසට ඒ වැඩේ වෙනව.

මේ අවුරුද්දෙත් ඒ කටයුත්ත වෙනදට වඩා කලින් සැප්තැම්බර් පලමුවෙනිදාම කරන්න සුනිල් ඇයි තීරණය කලේ කියල මම ඇහුවෙ නෑ.

සුනිල්ට කොරෝනා වැළඳිල, සුවපත් වෙල ආපු බව මම දන්නව.මම ඒ ගැන ඇහුවෙත් නෑ.

සුපුරුදු ලෙස උපන්දිනය දාටම සුනිල් මුණ ගැහිල ආ ගිය තොරතුරු සැපදුක විමසන්න මම හිතාගෙන උන්නෙ.

අනේ සුනිල්,ඇයි මෙහෙම උනේ….? සුනිල් පෙරේරා කාටවත් බයත් නැති ණයත් නැති සුන්දර මිණිහෙක්.

සුනිල්,ඔබ දෙව්මව්තුරුලේ සුබ සිහිණ දකින්න.

ඌන පූරණයක් : මම සුනිල්ගෙන් ඇහුව ඇයි මෙහෙම අපිට මේ වගේ ගෙවන්නෙ කියල.

එතකොට සුනිල් කිවුව උඹ ලියපු සිංදුව හරිම ජනප්‍රිය යි.ඒ සිංදුව මම තාම මගේ ෂෝස්වල ගයල මම හම්භ කරනව.

ඉතිං උඹටත් ඒ සල්ලිවලින් ගාණක් අයිතියි.“


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha