ලංකාවම, ආලෝකමත් කළ ප්‍රවීණයෙක් දිවි සැරියට සමු දෙයි.. (PHOTOS)
Hospitals in Sri Lanka
Death
Latest Headlines
By krishani
අද (25) පස්වරුවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ මහතා 1935 නොවැම්බර් 10 වැනි දින අකුරැස්ස, එරළුව දී පවුලේ වැඩිමලා ලෙස ඔහු උපත ලැබීය.
මිය යන විට ඒ මහතා 89 හැවිරිදි වියේ පසු විය.
ඔහු හන්තානේ කතාව , පෙම්බර මධූ, ඉන්දුට මල් මිටක් , පියා සහ දරුවෝ ආදී සම්මානීය ජනප්‍රිය චිත්‍රපට රැසක නිර්මාණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කෙරිණ.
කෙසේ වෙතත්, ඒ මහතා 1965 වසරේ නිෂ්පාදනය කරන ලද ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටය වෙනුවෙන් ඉන්දීය ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලේ දී රජත මයුර සම්මානයට ද පාත්‍ර විය.
