පාසල් අභ්‍යාස පොත් සඳහා සිසුන්ට වට්ටමක්.

Ministry of Education A D Susil Premajayantha Sri Lanka
By Hashini Nov 01, 2023 04:22 AM GMT
Hashini

Hashini

Report

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් සියයට තිහක වට්ටමක් යටතේ සියලුම පාසල්වලට අභ්‍යාස පොත් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ පාසල්වල අභ්‍යාස පොත් අවශ්‍යතාව ලබා ගැනීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කරන බවයි.

මේ වන විට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රුපියල් කෝටි එකසිය විසි පහක ලාභයක් ලබා තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට මේ වන විට කඩදාසි හිඟයක් නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.


ReeCha