බියගම නිදහස් වෙළෙඳ කලාපයේ හදිසි ගින්නක් – තිදෙනෙකුට තුවාල
By Mithu
බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි 'නෝර්ත් සේල්'පෞද්ගලික ආයතනයේ හදිසියේ හටගත් ගින්නකින් එහි ගොඩනැගිල්ලට සහ දේපළවලට දැඩි හානි සිදුව තිබේ.
අදාළ ආයතනයේ නිෂ්පාදනාගාරය සඳහා රසායනික ද්‍රව්‍ය සපයනු ලබන අංශයෙන් මෙම ගින්න ආරම්භ වී ඇති අතර, ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
රාත්‍රි වැඩ මුරය අතරතුර හටගත් මෙම ගින්න හේතුවෙන් ආයතනයේ තිබූ රසායනික ද්‍රව්‍ය තොගයක් මෙන්ම අදාළ ගොඩනැගිල්ල ද සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇත.
සිද්ධියෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර, ගින්න හටගත් අවස්ථාවේ ඇති වූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් එහි සේවය කරමින් සිටි සේවකයින් තිදෙනෙකු සුළු තුවාල ලබා තිබේ.
ගින්න තවදුරටත් පැතිරයාම වැළැක්වීම සහ හේතුව සෙවීම සඳහා අදාළ අංශ වැඩිදුර විමර්ශන සිදු කරයි.