සුළු මොහොතකට පෙර ලංකාවට අවවාදාත්මක නිවේදනයක් - රාත්‍රී 11.30 දක්වා වලංගුයි
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද(22) වන දින ප.ව. 11.30 දක්වා වලංගු වන ආකාරයට නිකුත් කර ඇත.
ඒ ඌව, සබරගමුව, මධ්‍යම පළාත් සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා සැලකිලිමත් වන්න යනුවෙන් සඳහන් කරමින්.
එසේම අඳාළ නිවේදනයේ ඌව, සබරගමුව, මධ්‍යම පළාත් සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව සඳහන්.
ඉදිරි පැය 36 තුළ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි සහ සුළං - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්
එසේම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
ගුරු සංවර්ධන නිලධාරීන්ව නිශ්චිතව ගුරු සේවයට බඳවා ගන්නවා කිව්වා.. විභාගේ ප්‍රතිඵල ඔන්න මෙන්න තියාන ගුරු ප්‍රශ්නෙන් මැති සබේ ඇවිලෙයි
පුටින් නැවතත් රුසියාවේ රජ වෙයි.. ලෝකෙම බලන් ඉන්න ප්‍රතිඵලය එන්නත් කළින්ම ආධිපත්‍ය පුටින්ගේ පක්ෂයට බවට අනාවැකි