පැය 8කට ජල කප්පාදුවක් - හෙට උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා - මහජනතාවට විශේෂ නිවේදනයක්
By Ashfa
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට (23) පැය 08ක කාලයක් සඳහා තාවකාලිකව ජල සැපයුම අත්හිටුවන බවයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ කලාවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීම සිදුකරන බවයි.
එම නිවේදනයට අනුව හෙට (23) පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ඉහළගම, කලාවැව, මරදන්කඩවල, තිරප්පනේ සහ කැකිරාව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් සිදුවන අපහසුතා මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය ජලය කල්තියා රැස්කර තබා ගන්නා ලෙසයි.
එමෙන්ම, ජල සැපයුම යථා තත්ත්වයට පත් කරන තෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද එම මණ්ඩලය දැනුම් දෙයි.
සුළු මොහොතකට පෙර ලංකාවම මඟ බලපු නඩු තීන්දුව ප්‍රකාශයට - පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ අධිකරණ තීන්දුව මෙන්න