අද පස්වරුවේත් ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු අනතුරු.

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (09) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල මෙන්ම අම්පාර, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල එලෙස තැනින් තැන වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

කාලගුණ විද්‍යා දෙපාතමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බවයි.

අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.