සොරගත්තු විශාල වාහන තොගය හඳුනා ගනී... ඔක්කොම ​සුඛෝපභෝගී... ඔබෙත් වාහනය සොරා ගත්ත ද?

Report

ව්‍යාජ අංක තහඩු යොදා ගෙන ධාවනය කළ සුඛෝපභෝගී වාහන 2267ක් හඳුනා ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

කොළඹ නගරයේ සවි කර තිබෙන ආරක්ෂක කැමරා හරහා මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ආරම්භ කර ඇති මෙහෙයුම් වලින් මෙම වාහන හඳුනාගෙන ඇත.

"වන්නම් 2යි, සිංදු 4යි හෙට උදේ කට පාඩමින් ඕනෑ"- 5 වසරේ දරුවන්ට මහ රෑ ආපු වට්ස්ඇප් පණිවිඩ!

"වන්නම් 2යි, සිංදු 4යි හෙට උදේ කට පාඩමින් ඕනෑ"- 5 වසරේ දරුවන්ට මහ රෑ ආපු වට්ස්ඇප් පණිවිඩ!

මෙම කැමරා මඟින් මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුම ආරම්භ කළේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය.ඉකුත් දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රථවාහන නිති උල්ලංඝණය කළ වාහන 12246ක් හසු කර ගැනීමටත්, කැමරාවලින් හඳුනා ගන්නා වාහන අංක වලට අනුව එහි ලියාපදිංචි හිමිකරු හඳුනාගෙන අදාළ නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිසිය සඳහන් කරයි.

මේ අතර මෝටර් රථ දෙපාර්තමේන්තුව දත්ත පද්ධතියට අනුව සෘජුවම මෙම අංශයේ පොලිස් නිලධාරීන්ට සම්බන්ධ වීමේ අවස්ථාව ද ලැබී තිබෙන බව සඳහන් කරයි. කැමරාවලට හසු වූ වාහන 12,246න් වාහන 2267ක් හොර වාහන ලෙස හඳුනාගෙන ඇත්තේ එහි ලියාපදිංචි හිමිකරු සොයා යාමත් සමඟ බව පොලිසිය ප්‍රකාශ කරයි.

කව්රුත් දන්න හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු ගමන් දික්කසාද වෙයි - වෙන් වූ හේතුව මෙන්න! (PHOTOS)

කව්රුත් දන්න හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු ගමන් දික්කසාද වෙයි - වෙන් වූ හේතුව මෙන්න! (PHOTOS)

මෙම වාහන 2267න් වැඩි වාහන ප්‍රමාණයක අංක තහඩු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි කර නොමැති බව වාර්තා වේ. ඇතැම් වාහන ලියාපදිංචි හිමිකරුවන් සොයා පරීක්ෂා කිරීමේදී එවැනි වාහනයක්වත් ගැනීමට තරම් වත්කමක් නොමැති පුද්ගලයින් බව හෙළිවී තිබෙන අතර ඒ අනුව මෙම වාහන 2267ම හොර වාහන බවට සැක කරන බව සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කරයි.

අවුරුදු 88...හෙට අනිද්දා ලියනවලු... මෙතනින් බලන්න..

අවුරුදු 88...හෙට අනිද්දා ලියනවලු... මෙතනින් බලන්න..

මෙම වාහන අංක දිවයින පුරා පොලිස් ස්ථාන වලට යොමු කොට ඇති අතර නිතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුමක් ඉදිරියේදී ආරම්භ කිරිමට නියමිතක බව පොලිසිය සඳහන් කරයි.