"වන්නම් 2යි, සිංදු 4යි හෙට උදේ කට පාඩමින් ඕනෑ"- 5 වසරේ දරුවන්ට මහ රෑ ආපු වට්ස්ඇප් පණිවිඩ!

Report

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසලක 5 ශ්‍රේණියේ දරුවන්ට එක් රැයක් තුළදී වන්නම් දෙකක් සහ ගීත හතරක් පුහුණුවී පැමිණෙන්නැයි සිසුන්ට දැනුම් දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් කලාප කාර්යාලය මට්ටමින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

පසුගිය සතියේ දිනක රාත්‍රි 9:30ට පමණ මවුපියන්ගේ වට්ස්ඇප් සමූහයට ලැබුණු මෙම පණිවිඩය හේතුවෙන් තමන් මෙන්ම දරුවන් අපහසුතාවට පත්වූ බවට ඔවුහු කලාප කාර්යාලයට පැමිණිලි කර ඇත.

එක් රැයක් තුළදී ‘තුරඟා වන්නම’, ‘මුසලඩි වන්නම’ මෙන් ම ‘බෝල බෝල මැටි’, ‘පාන් කිරිත්තෙක්’, ‘ගමන බිමන හරි කඩිසර’ සහ ‘යාල යාල යාල යන්න’ ආදී ගීත පුහුණු වන ලෙසට දැනුම් දී තිබූ බවද මව්පියෝ පැමිණිලි

අගමැති කාර්යාලයෙන් ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්!

අගමැති කාර්යාලයෙන් ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්!

 එසේම, මෙරටට ආවේණික කුරුල්ලන්, උරගයන්, සිවුපාවුන් හා ජලජ ජීවීන්ගේ තොරතුරු සහ ඡායාරූප රැගෙන එන ලෙස ද එදින වට්ස්ඇප් සමූහය මගින් දැනුම් දී තිබූ බව ද මව්පියෝ පවසති.

මේ පිළිබඳව කලාප කාර්යාලයට පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙම මව්පියන්ට තර්ජන එල්ල වී ඇතැයි ඔවුහු සඳහන් කළහ.

පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනය සඳහා සමාජ සන්නිවේදන යෙදවුම් භාවිත කිරීම මැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට යොමුකර ඇති 33/2024 අංක දරන චක්‍රලේඛය උල්ලංඝණය කරමින් මෙම වට්ස්ඇප් පණිවිඩය ලැබී තිබෙන බව ද මව්පියෝ කියති.

දේශබන්දු සොයා CIDය සාගලගේ ගෙදරට

දේශබන්දු සොයා CIDය සාගලගේ ගෙදරට

විෂය නිර්දේශ ආවරණය කිරීමට සන්නිවේදන සමූහ භාවිතයෙන් වලකින ලෙසටත්, සුදුසු තාක්ෂණික උපකරණ පහසුකම් නොමැති දරුවන් අපහසුතාවට පත්නොවන ආකාරයට සන්නිවේදන යෙදවුම් භාවිත කරන ලෙසටත් එහි දක්වා තිබෙන බව ද ඔවුහු පෙන්වා දෙති.