බුද්ධි අංශයට ලද තොරතුරත් සමග රටේ ආරක්ෂාව ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..!

Anura Kumara Dissanayaka Ministry Of Public Security Latest Headlines AKD
By Sewvandhi Oct 24, 2024 01:48 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.

අද (24) පුත්තලමේ පැවැති ජන හමුවක් අමතමින් ජනපතිවරයා මේ බව පැවසීය

. "අපේ වගකීම තමයි පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. අපි අදාළ ප්‍රදේශවල වේගයෙන් ආරක්ෂාව තහවුුරු කරන්න කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි බුද්ධි අංශ තොරතුරු මත වේගයෙන් කටයුතු කළා, ඒ සඳහා සැකයට තුඩු දෙන කීප දෙනෙක්ව අත්අඩංගුවට ගන්නත් අපි කටයුතු කලා. අපි අද කියන්න කැමතියි ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව අපි සහතික කරලා තියනවා."