විජේදාසගෙන් බැසිල්ට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..

BANDULA GUNAWARDHANA PARLIAMENT BASIL RAJAPAKSHA VIJEDASA RAJAPAKSHA
By Sewvandhi Nov 20, 2021 10:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධූරය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද දැරීමට අයිතියක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඇමරිකානු පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ මහතාට මෙරට සතු වත්කම් ෙවන රටවලට පැවරීමට කිසිදු අයිතියක් නැතැයි ද ඔහු පැවසීය.

යුගදනවි බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා අත්සන් කල ගිවිසුම හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් නෙරපා හරින්නැයි අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බව ද ඔහු පැවසීය.

ඇමරිකානු සමාගම් විසින් ඇමරිකානු පුරවැසියන් බයකර මහරෑ මෙම ගිවිසුම අත්සන් කර ඇතැයි ද පෙන්වා දෙන මන්ත්‍රීවරයා එය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට උපරිමයෙන් කටයුතු කරන බවද කියා සිටියේය. ඔහු මේ බව කියා සිටියේ අද මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

මේ අතර, විදේශ විනිමය නැතිව රට එක මොහොතක්වත් ඉදිරියට ගෙන යාමට නොහැකි බවත් රටේ දැන් තියෙන විදේශ විනිමය අර්බුධයට වගකිව යුත්තේ පහුගිය යහපාලන ආණ්ඩුව බවත් වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. හික්කඩුව දොඩන්දූව පිංකන්ද ප්‍රදේශයේ 431 වැනි ලංකා සතොස ශාඛාව විවෘත කරමින් ගුණ වර්ධන මහතා එසේ කීවේය.

මෙහිදී වැඩි දුරටත් කතා කල ගුණවර්ධන මහතා මෙසේ ද කීවේය. කවදාවත් නොවූ විරූ අර්බුධ රැසකටම මුහුණදීලා තියෙනවා.මේ අර්බුධ ආ ආවස්ථාවේදී එයින් මුදවා ගැනීමට පළමුවෙන්ම එලියට ආවේ දකුණේ මිනිස්සු.හික්කඩුවේ සුමංගල හිමියන් වැලිවිටියේ සෝරත හිමියන් ඇතුළු මහා සංඝරත්නය ඒ අතර ඉන්නවා.

දැවැන්තම අර්බුදය තමයි විදේශ විනිමය නැති කම.විදේශය විනිමය නැතිව රට එක මොහෝතකවත් ඉස්සරහාට ගෙනියන්න බැහැ.අපි කැමතිවුනත් නොවුනත් අපේ අත්‍යාවශ්‍ය භාණ්ඩ තියෙන මිලට ආනයනය කරන්න වෙනවා.ඒ එම භාණ්ඩ අපේ රටේ නිෂ්පාදනය කරන්නේ නැති නිසා.මේක ගෑස්වලට වේවා ඉන්ධන වලට වේවා පොදුයි.අපි මේ සදහා මුදල් ඉපයිය යුතුයි.

මේ විදේශ විනිමය අර්බුධයට හා ඩොලර් හිගයට මුලුමනින්ම වගකිවයුත්තේ පහු ගිය යහපාලන ආණ්ඩුවයි.මොකද ඒ ආණුවට මේ රටේ ආර්ථිකය දියුණු කිරීමට කිසිදු වැඩපිළිවෙළක් හා දර්ශනයක් නොතිබුණු නිසයි.ඒ වගේම පාස්කු ප්‍රහාරය නිසාද මේ තත්ත්වය ඇතිවුණා.සංචාරකයෝ ලංකාවට එන්නේ නැතිව ගියා.

එතකොට මේ රටේ දැන් තියෙන මූල්‍ය අර්බුධයට වගකියන්න ඕන අපේ රජයද.නැහැ .මේ සදහා මුළුමනින්ම වගකියන්න ඕන යහපාලන ආණ්ඩුවයි. පහුගිය යහපාලන ආණ්ඩුවේ හිටියා මුදල් ඇමතිවරු දෙන්නෙක්.ඒ දෙන්නට තේරුණේ නැහැ විදේශ විනිමය කළමනාකරනය කරන්න. රටට වයසනයක් ආවාම මුදල් අර්බුධයක් ඇති නොවන්න ඒ ඇමතිවරු වැඩපිලිවෙලක් හැදුවේ නැහැ යයි ද ගුණවර්ධන මහතා කීවේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha