කෘෂිකර්ම ඇමති මහින්දානන්දගෙන් තරුණයන්ට අක්කර භාගයක්

NORTH AGRICULTURE MAHINDHANANDHA LANDS
By Sewvandhi Nov 11, 2021 10:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

උතුරු පළාතේ උතුරේ තරුණ පිරිස කෘෂිකර්මයට යොමු වන්නේ නම් ඊට අවශ්‍ය ඉඩම් හා ආධාර දෙන්න සුදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කරයි. LTTE සංවිධානයට සම්බන්ධව සිට පුනරුත්ථාපනය වූ පිරිසක් ඊයේ (10) කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් පලකළ අමාත්‍යවරයා කෘෂිකාර්මික වශයෙන් මිරිස් වගාවට යොමු වීමට කැමති උතුරු පළාතේ තරුණ තරුණියන්ට ඒ සඳහා අවශ්‍ය ඉඩම් හා ආධාර ලබා දීමට කටයුතු කළ හැකි බවද පෙන්වා දෙයි.

ඒ අනුව ඊට යොමු වන පිරිස් සඳහා අක්කර භාගයක් බැගින් ඉඩම් ලබා දී ඊට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය, පොහොර, ජලය හා ආරක්ෂිත ගෘහයන් ද කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ලබා දීමට පියවර ගත හැකි බවද වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව උතුරු පළාතේ ඇතිවන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තනතුරු පුරප්පාඩු පිරවීමේදී LTTE සංවිධානයේ පුනරුත්ථාපනය වූ පවුල්වල සාමාජිකයන්ට සුදුසුකම් අනුව ප්‍රමුඛතාව ලබා දීමට අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා කීවේය.

එම පිරිස විසින් එහිදී තමන් මුහුණ දී සිටින ආර්ථික, සමාජයීය හා ජීවන ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ දිර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා ක⁣ර ඊට අදාළ සංදේශයක් ද අමාත්‍යවරයාට බාරදී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

  

ReeCha