අභියෝගය භාරගමු..සෞඛ්‍ය ඇමති කියන කතාව..? (VIDEO)

COVID19 VACCINATION ASELA GUNAWARDHANA KEHELIYA RABUKWELLA KANDY HOSPITAL
By Sewvandhi Sep 18, 2021 05:19 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කුමන විවේචන එල්ල වුවද කොවිඩ් වසංගතය මැඩලීම සඳහා සෞඛ්‍ය අංශ උපරිමයෙන් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඔහු පවසන්නේ කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නේනම් එම අභියෝගය ජයගැනීම දුෂ්කර කාර්යක් නොවනු ඇති බවය.

මහනුවර ජාතික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකය සඳහා රුපියල් ලක්ෂ 25ක මුදලක් මහනුවර මුස්ලිම් ප්‍රජාව මඟින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ඊයේ (17) ලබා දුන්නේය. එම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

"අපිට ආඩම්බරයක් තියෙනවා මේ ඛේදවාචකයත් එක්ක. අපි ඔක්කෝම එකතුවෙලා ජාති, ආගම්, කුල භේද පැත්තකට දාලා මිනිස්සු හැටියට, ලාංකිකයන් හැටියට මේක ආරක්ෂා කළ යුතුයි කියන මතයේ ඉදගෙන කටයුතු කිරීම අපි ක්‍රියාවෙන් දකිනවා. සෞඛ්‍ය කේෂ්ත්‍රය කියන්නේ මේ රටේ වැදගත්ම කේෂ්ත්‍රයක් කණ්ඩායම් හැඟීමෙන් වැඩකලොත් කවදාවත් වරදින්නේ නෑ. ඒ කණ්ඩායම් හැඟීම අද සෞඛ්‍ය කේෂ්ත්‍රයට අද ප්‍රබලව බලපාලා තියෙනවා. අපි ඔක්කෝම එකතුවෙලා වැඩකරමු. අභියෝගය භාරගමු. විවේචන තියෙනවා. එයට දෙන්න පුළුවන් හොඳම පිළිතුර තමයි සාර්ථකත්වය."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery